ප්‍රියංකා සිය දියණියත් එක්ක පළමු වතාවට නිව්යෝර්ක් යයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අලුත උපන් සිය දියණිය මාල්ති මේරි සමගින් ප්‍රියංකා චොප්රා මේ දිනවල ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ සංචාරය කරමින් සිටින බව සඳහන් වෙයි. මෙය මාල්තිගේ පළමු නිල විනෝද සවාරිය වන අතර, ප්‍රියංකා ඇය සමගින් පෙනි සිටින ඡායාරූප කිහිපයක්ම සිය ඉන්ටර්ග්‍රැම්ස් ගිණුම හරහා ප්‍රසිද්ධ කර තිබෙනු දක්නට ලැබේ.

ප්‍රසිද්ධ කළ ඡායාරූප අතර බොහෝ දෙනෙකුගේ කැමැත්ත හිමිව තිබුණේ නිව්යෝර්ක් නගරයේ පිහිටා ඇති උසැති ගොඩනැගිල්ලක් තුළ ප්‍රියංකා හා මාල්ති පහළ විදිවල ගැවෙසන මිනිසුන්, සාප්පු සංකිර්ණ දෙස බලමින් විනෝද වෙමින් සිටින අතරතුරගත් ඡායාරූප දෙකටය. මීට අනුෂ්කා, සොනාලි බෙන්ද්‍රේ, ශිබානි අක්තාර්, ආලියා භාට් ඇතුළු බොලිවුඩ් තරු රැසක්ද විවිධ ප්‍රතිචාරයන් දක්වා තිබුණි.