බිලියනපතියෙක් සමඟ විවාහා වෙලා ඉන්න ස්වාප්නාගේ සැබෑ ජීවිතය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මීට ටික කලකට පෙර සිරස ටීවී නාලිකාව ඔස්සේ වසර ගණනාවක්ම විකාශය වුනු ටෙලිනාට්‍යක් තමයි ස්වප්නා කියන්නේ. ඉන්දියානු ටෙලිනාට්‍යක් වන මෙය සිංහලෙන් හඬකවලා තමයි ලංකාවේ ප්‍රේක්ෂකයින්ට අරගෙන ආවේ. මෙම ටෙලිනාට්‍යයේ කොටස් විශාල ප්‍රමාණයක් ලංකාවේ විකාශය වුනා.

ඒ වගේම ඒ වෙද්දී එය නරඹන පිරිස ඉතාම විශාල ප්‍රමාණයක් සිටියා. එහි ප්‍රධාන චරිතය වුනෙත් ස්වාප්නාගේ චරිතය රඟපාන ඉන්දියානු ජනප්‍රිය නිලි දීපිකා සින්ග් ඇය ඉන්දියාවේ සටින අතිශය ජනප්‍රිය නිලියන් අතරින් මුල් ස්ථානයේම සිටින කෙනෙක්. ඇය මුල්වරට මෙම ක්ෂේත්‍රයට පිවිසෙන්නේ ස්ටාර් ප්ලස් නාළිකාවෙන් විකාශය වූ ජනප්‍රිය රූපවාහිනී කතාමාලාවක් වූ දියා ඕර් බාති හම් තුලින්. ඒ උපාදි ධාරිනියක් අලෙවිකරණය පිළිබඳ ව්‍යාපාර පරිපාලන උසස් උපාධියක් ඇයට තියනවා. ඇය විවහා වෙන්නේ 2014 වර්ෂයේදී ඉන්දියාවේ ඉහලම සිටින අධ්‍යක්ෂක වරයෙකු වන රෝහිත් රාජ් ගෝයාල් සමගයි.

නමුත් ලංකාවේ නම් ඇය ගැන සෑම කෙනෙකුම හඳුනන්නේ ස්වප්නා කියන චරිතයෙන් පමණයි ඒ සුරාජ්ගේ බිරිඳ විදියට. 2011 වර්ෂයේ සිට දීපිකා රංගනයේ නියැලෙමින් ලෝකයේම බොහෝ දෙනෙකුගේ ආදරය හිමි කරගෙන ඉන්නවා. එමෙන්ම ඇයගේ සැබෑ ජිවිතයේ විස්තර ටිකක් තමයි අපි ඒ විදියට අරගෙන ආවේ. ඇයට දැන් දරුවන්ද සිටිනවා. ඉතින් ඉන්දියාවේ නිලයක් වුනත් ඇයට ලංකාවේ ප්‍රේක්ෂකයින්ගේ ආදරය හිමි වෙලා තියන නිසා. අපි හිතුව ඇය ගැන මේ විදියට විස්තර ටිකක් අරගෙන එන්නට.