‘භෝලා’ හරහා අමලා පෝල් බොලිවුඩ් සිනමාවට එයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මලයාලම් චිත්‍රපට රැසක දුටු දකුණු ඉන්දීය සිනමා නිළි අමලා පෝල් ඉදිරි කාලයේදී බොලිවුඩ් චිත්‍රපටයක දකින්නට සිනමා ලෝලීන්ට හැකියාව ලැබේ. ඒ අජේ දේව්ගන් විසින් අධ්‍යක්ෂණය කරන භෝලා චිත්‍රපටය තුළිණි.

අමලා දැනට මලයාලම්, දමිල, තෙළෙඟු චිත්‍රපට සියයකට අධික ප්‍රමාණයක දකින්නට ලැබුණද ඇය රංගනයෙන් දායක වෙන පළමු බොලිවුඩ් සිනමා නිර්මාණය භෝලා වීම විශේෂත්වයකි. එහෙත් ඇය මෙහි පෙනී සිටින්නේ ආරාධිත චරිතයකට බව සඳහන් වෙයි. අජේ දේව්ගන් සමගින් තාබු මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබයි.