මගේ ප්‍රේමය තවමත් හොඳින් සිද්ධාර්ත් මල්හෝත්‍රා පවසයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මෑත කාලයේ බොලිවුඩයේ වඩාත්ම කතාබහට ලක්වූ සිනමා නළු නිළි යුවළ බවට සිද්ධර්ත් මල්හෝත්‍රා හා කියාරා අද්වානි හැඳින්විය හැකිය. ඒ ඔවුන් දෙදෙනා සැබෑවටම පෙම්වතුන් ලෙස කටයුතු කිරිම හේතුවෙනි. කෙසේ වෙතත්, මීට දින කිහිපයකට පෙර සිට ඔවුන් දෙදෙනා විරසකව සිය ප්‍රේම සම්බන්ධය නිමා කළ බවට තොරතුරු වාර්තා විය.

එහෙත්, ‘ඉන්දියන් ටයිම්ස්’ වෙබ් අඩවිය සමග කළ සම්මුඛ සාකච්ඡාවකදි පවසා තිබුණේ තමන් හා කියාරා අදටද නොවෙනස්ව පෙම්වතුන් ලෙස  සම්බන්ධකම් පවත්වමින් සිටින බවය. එමෙන්ම තමන් කියාරා සමගින් චිත්‍රපට කිහිපයකට පෙනී සිටින්නට පසුගිය දිනවල කටයුතු කළ බවද සිද්ධාර්ත් වැඩිදුරටත් මේ සම්බන්ධව පවසා තිබුණි.