මුදල් වංචා කිරිමේ නඩුවකට පැටලුණ සනි ලියොන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මීට වසර තුනකට පෙර කෝචි හි පෙරුම්බාවුර් ප්‍රදේශයේ පැවති උත්සවයක් සඳහා නර්තනයක් රඟදැක්වීමට සනි ලියෝනට ලක්ෂ ගණනාවක් ගෙවනු ලැබුවද ඇය ඊට සහභාගි නොවීම හේතුවෙන් එම උත්සවය සංවිධානය කළ පෙරුම්බාවුර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන එම් ෂියාස් විසින් මීට වසර තුනකට පෙර ඇයට විරුද්ධව නඩුවක් ගොනු කර ඇත.

නැවත වරක් මෙම නඩුව කෝචි අධිකරණය විසින් මීට දින කිහිපයකට පෙර විභාගයට ගත් අතර, සනි ලියොන් තමා නිවැරදි බව ඔප්පු කරන්නට පවසා තිබුණේ උත්සවයට තමාට සහභාගි වීමට නොහැකි වූ නිසාවෙන් තමන්ට ලබාදුන් අදාල මුදල් නැවත වරක් එම සංවිධායකවරයාට ගෙවීමට කටයුතු කළ බවත්ය.

කෙසේ වෙතත්, ඔහු එම අවස්ථාවේදී එම මුදල් භාර ගැනීම ප්‍රතික්ෂේප කර නඩු දැමීමට පියවර ගත් බව සනි මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා ඇත. එමෙන්ම තමන් පමණක් නොව තම සැමියාට එරෙහිවද මේ වන විට මෙම නඩුව ක්‍රියාත්මක වෙමින් පවතින බව ඇය මාධ්‍යයට කියා තිබුණි.