මිය ගිය පුණිත් හොඳම නළුවා වෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ වසරේ මුල් භාගයේදී සිය ජිවන ගමනට සමුදුන් කන්නඩ සිනමා නළු පුණිත් රාජ්කුමාර්ටද මෙම සිනමා උළලේදී සම්මානයක් හිමි වූ අතර, ඒ කන්නඩ සිනමාවේ මේ වසරේ හොඳම නළුවාට හිමි සම්මානයයි. ඔහු එම සම්මානය දිනාගනු ලැබුවේ ‘යුවරත්නා’ චිත්‍රපටයේ කළ රංගනය උදෙසාය.

ඔහුට අමතරව තෙළෙඟු සිනමාවේ හොඳම නළුවා ලෙස ‘පුෂ්පා ද රිස්’ චිත්‍රපටයේ රඟපෑ අල්ලු අර්ජුන්ද, දමිල සිනමාවේ හොඳම නළුවා ලෙස ‘ඩොක්ටර්’ චිත්‍රපටයේ රඟපෑ ශිවකාර්තික්යාන්ද, මලයාලම් සිනමාවේ හොඳම නළුවා ලෙස ‘මින්නල් මුරලි’ චිත්‍රපටයේ රඟපෑ ටොවිනෝ තෝමස්ද සම්මානයට පාත්‍ර විය.