මලෙයිකාගේ 49 වැනි උපන්දිනයට අර්ජූන් සුබපතයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

චිත්‍රපට නිළියක්, නිෂ්පාදිකාවක් මෙන්ම රියලටි වැඩසටහන් විනිසුරුවරියක් ලෙස කටයුතු කරන මලෙයිකා ආරෝරාගේ 49 වැනි උපන්දිනය මීට දින කිහිපයකට පෙර යෙදි තිබුණි. ඒ වෙනුවෙන් ඇයගේ පෙම්වතා වූ සිනමා නළු අර්ජූන් කපූර් සිය සමාජ පිටු හරහා සුබ පැතුම් එකතු කොට තිබුණි.

කිසිදා අන්තර්ජාලය තුළ පළ නොවු ජායාරූපයක් මෙහි අර්ජූන් විසින් පළ කර තිබුණ අතර, ඊට "Wow Soooooooo Beautiful" යන්න සඳහන් කරද තිබුණි. වර්තමානයේ බොලිවුඩයේ සිටින ජනප්‍රියතම පෙම්වතුන් යුවළක් වන අර්ජූන් කපූර් හා මලෙයිකාගේ විවාහය ලබන වසරේදී සිදුවීමට නියමිතව ඇත.