මෙවර හොඳම නළුවා බෙන්ඩ්‍රන් ෆ්රේසර් වෙයිද



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පසුගියදා පැවති ගෝල්ඩන් ග්ලොබි සම්මාන උළලේදී The Whale  චිත්‍රපටය හරහා හොඳම නළුවා බවට පත් වූ බෙන්ඩ්‍රන් ෆ්රේසර් මෙවර ඇකඩමි සම්මාන උළලේදීද හොඳම නළුවා සම්මානයට නිර්දේශ වි ඇත. ඔහුට අමතරව Elvis  චිත්‍රපටයේ රඟපෑ ඔස්ටින් බට්ලර්, The Banshees of Inisherin  චිත්‍රපටයේ රඟපෑ කොලින් ෆැරල්, Living චිත්‍රපටයේ රඟපෑ බිල් නයිගිද මෙම නිර්දේශ අතර සිටියි.

විශේෂත්වය වන්නේ වර්තමානයේ සුරූපි හොලිවුඩ් සිනමා නිළි ඇන්ජලීනා ජොලිගේ පෙම්වතා වන පෝල් මෙස්කල්ද Aftersun චිත්‍රපටයේ කළ රංගනය උදෙසා මෙම සම්මානයට නිර්දේශ වි තිබිමය.  අයර්ලන්ත ජාතිකයෙකු වන පෝල් තවමත් සිය 25 වැනි විය ගෙවා දමමින් සිටියි.