මාවල් චිත්‍රපටවලට සමුදෙන සුපිරි මල්ලව පොර ශූරයා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

‘ගාඩියන්ස් ඔෆ් ද ග්ලැක්සි’ චිත්‍රපට මාලාව හා ‘ඇවෙන්ජර්ස්’ චිත්‍රපට කිහිපයකම ‘ඩරේක්ස්’ නම් සුපිරි චරිතයට පණ දුන් ලෝ ප්‍රකට මල්ලවපොර ශූරයෙකු වූ ඩේව් බැටිස්ටා මේ වනවිට සිය ‘ඩරේක්ස්’ චරිතයෙන් ඉවත්ව තිබෙන බව සඳහන් වෙයි.

‘ගාඩියන්ස් ඔෆ් ද ග්ලැක්සි’ තුන්වැනි චිත්‍රපටයේ රූපගත කිරිම් නිමාවත් සමග ඔහු මෙම චිත්‍රපට චරිතයෙන් ඉවත්වන බවට දැනුම් දි තිබේ. බැටිස්ටා චිත්‍රපට අධ්‍යක්ෂක ජේම්ස් ගන් හා ඔහු සමග ‘ගාඩියන්ස් ඔෆ් ද ග්ලැක්සි’ චිත්‍රපටයට දායක වුණ සහෝදර නළුනිළි කැළ සමග සමූහ ඡායාරූපයක් සිය ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුම තුළ පළ කරමින් මෙම සංවේදි පුවත ප්‍රසිද්ධ කර තිබුණි.