රාජිනිකාන්ත් හදිසියේම ඇමෙරිකාවට යයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දකුණු ඉන්දීය සුපිරි තරුව ලෙස අදටද සැළකෙන රාජිණිකාන්ත් හදිසියේම ඇමෙරිකාවට ගොස් ඇති බවට තොරතුරු වාර්තා වෙයි. ඒ විශේෂ ගුවන් යානයකිනි. රාජිණිකාන්ත් මෙසේ ඇමෙරිකාවට ගොස් ඇත්තේ සිය වෛද්‍ය පරික්ෂණ කිහිපයක් සඳහාය. කෙසේ වෙතත්, මෙම ඇමෙරිකානු ගමනට රාජිණි සමගින් පවුලේ සාමාජිකයන් 14 දෙනෙකුද සහභාගි වූ බව වාර්තා වෙයි.

රාජිණිගේ වැඩිමහල් දියණිය අයිශ්වර්යා මේ වනවිට ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ රැඳි සිටින අතර, ඒ ඇයගේ සැමියා වූ සිනමා නළු ධනුෂ් දායක වෙන හොලිවුඩ් චිත්‍රපටයේ රූපගත කිරිම් කටයුතු සඳහාය. රාජිණි ඇතුළු පවුලේ සාමාජිකයන් ඔවුන් සමග මේ වනවිට එකතු වී සිටින බවටද තොරතුරු ලැබෙයි.