රශ්මිකාට මෙවරත් හොඳම නිළිය සම්මානය මඟ හැරේයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දකුණු ඉන්දීය ෆිල්ම් ෆෙයාර් සම්මාන උළලේදී වසරේ හොඳම නිළිය ලෙස දෙවරක් නිර්දේශ වූ සුරූපි රශ්මිකා මන්දනාට එම සම්මානය හිමි නොවීම මෙවර කාගෙත් අවධානය යොමු වු කාරණයක් විය. මෙවර තෙළෙඟු අංශයේ හොඳම නිළිය ලෙස රශ්මිකා ,බිශ්මා චිත්‍රපටයේ චිත්‍රා ලෙසත්, පුෂ්පා චිත්‍රපටයේ ශ්‍රිවල්ලි ලෙසත් මෙවර හොඳම නිළියට නිර්දේශ වි සිටියහ.

කෙසේ වෙතත්, මෙවර තෙළෙඟු අංශයේ හොඳම නිළියට හිමි සම්මානය දිනාගනු ලැබුවේ ලව් ස්ටෝරි චිත්‍රපටයේ මවුනිකා රාණී ලෙස රංගනයෙන් දායක වූ සායි පල්ලවීය. ඇයද මෙවර චිත්‍රපට චරිත දෙකක් හරහා හොඳම නිළියට නිර්දේශ වි තිබුණි. රශ්මිකා හා පල්ලවිට අමතරව පූජා හෙඩිග්, චන්ද්‍රානි චෞද්‍රරි හා ක්‍රිති ෂෙට්ටිද මෙම සම්මනයට නිර්දේශ වි සිටියහ.