රේහා, බන්ද්‍රා නගරයෙන් ගත්තු අලුත්ම තට්ටු නිවාසය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

විෂාදය හේතුවෙන් ජිවිතක්ෂයට පත්වූ බොලිවුඩ් සිනමා නළු සුෂන්ත් රාජ්පුත්ගේ එවකට සිටි පෙම්වතිය සිනමා නිළි රේහා චක්‍රබෝර්ති පසුගිය කාලයේ නිරන්තරයෙන්ම කතබහට ලක්වූ තැනැත්තියකි. සුෂන්ත්ගේ මරණයට වග කිවයුත්තා ලෙසද චෝදනා ලබා සිටි ඇය මේ වනවිට ඉන් නිදහස්ව සිටියි.

මේ දිනවල නැවතත් සිනමා කර්මාන්තයට යොමුව තිබෙන අතර, ඇය අලුතින් නිවසක්ද මිළට ගෙන තිබෙන බව සඳහන් වෙයි. ඒ මුම්බායි නගරයේ බන්ද්‍රා ප්‍රදේශයේ පිහිටි මහල් නිවසක සිවුවැනි මහළය. පැපරාසින් පිරිසක් විසින් ඇය එම නිවාස සංකිර්ණයේ සිටින ඡායාරූප මේ වනවිට අන්තර්ජාලයට නිකුත් කර තිබේ.