‘වික්‍රම්’ වෙනුවෙන් කමල් හසන් කරන්න යන වැඩේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අති සාර්ථකව තිරගත වූ කමල් හසන්ගේ නිෂ්පාදනයක් වූ ‘වික්‍රම්’ චිත්‍රපටය ප්‍රදර්ශනය කර දින සියයක් නොවැම්බර් 07 වැනිදා පිරේ. එදින කමල් හසන්ගේ උපන්දිනයද යෙදි තිබෙන අතර, ඔහු එය ඉහළින්ම සැමරීමට මේ වනවිට ලකලැහැස්ති වෙන බව සඳහන් වෙයි.

විජේ සේතුපති, ෆහාඩ් ෆාසිල්, කමල් හසන්, සූර්යා සමගින් මෙහි රංගනයෙන් දායක වූ අතර, එය ඉන්දීය රුපියල් කෝටි 500කට ආසන්න මුදලක් උපයා ගැනීමටද සමත් විය. කාලේකට පසුව කමල් හසන්ගේ චිත්‍රපටයක් මෙසේ විශාල ආදායමක් උපයා ගැනීම විශේෂත්වයක් වන අතර, ඔහු ලාභෙන් කොටසක් සිය චිත්‍රපට කණ්ඩායමටද ලබා දෙන්නට කටයුතු කර තිබුණි.