විද්‍යා බාලන්ගේ සුබවාදී දර්ශනය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ක්ෂේත්‍රයට පැමිණි මුල් කාලයේ ගත කරන්නට සිදු වූ දුෂ්කර යුගයේදී තමා ශක්තිමත් කරනු ලැබුවේ සිත තුළ වූ සුබවාදී හැඟීම් විසින් බැව් විද්‍යා බාලන් කියන්නීය. 
 
“ඇත්තටම මම සන්තෝස වෙනවා මේ වෙනකොට මගේ වෘත්තිය යම් හැඩයකට සකස් වීම ගැන.. ක්ෂේත්‍රයට ආව අලුත මට මුහුණ දෙන්න සිදු වුණේ ප්‍රතික්ෂේප වීම්වලටමයි.. එතකොට මට දැනුණේ දරා ගන්න බැරි තරම් වේදනාවක්.. හුඟක් වෙලාවට රෑ නින්දට ගියාම මම අඬනවා.. ඒත් පස්සෙ මම හැමදේම සිද්ද වෙන්නෙ හොඳට කියලා හිත හදා ගත්තා.. මම කවදාවත් බලාපොරොත්තු අතෑර ගත්තෙ නෑ.. ඒ සුබවාදිත්වය තමයි මාව මේ තරම් දුරකට ගෙනාවේ..” මාධ්‍ය සාකච්ඡාවකදී ඇය පැවසුවාය. 
ඇය ක්ෂේත්‍රයට ආවේ 1995 දී හම් පාන්ච් නම් කොමඩි ගණයේ ටෙලි නාට්‍යයේ රඟ පාමිනි. ඇය දකුණු ඉන්දියානු චිත්‍රපටිවල රඟ පෑ නමුත් ඒවා එතරම් ජනප්‍රිය වූයේ නැත. සිනමා ක්ෂේත්‍රයෙ ්අයගේ අවධානයට ඇය ලක් වූයේ 2003 දී රඟ පෑ භාලෝ තෙකෝ නම් බෙංගාලි චිත්‍රපටියේ රඟ පෑවාට පසුවය. 2005 දී සයිෆ් අලි ඛාන් සමඟ පරිනීතා චිත්‍රපටියේ රඟ පාන්නට ඇයට අවස්ථාව ලැබෙන්නේ එම අවධානයේ ප්‍රතිඵල ලෙසය. 
 
මුල් කාලයේදී ඇය රඟ පෑවේ වාණිජ චිත්‍රපටිවල පමණකි. 
 
“මම ඒවයෙ රඟ පෑවේ එච්චර මහන්සි වෙලා නෙමෙයි.. චිත්‍රපටි සාර්ථක වුණත් විචාරකයො මාව විවේචනය කළා.. මමත් කල්පනා කළා ඇයි මම මේ හීනෙන් ඇවිදිනවා වගේ රඟ පාන්නෙ කියලා.. එතකොට මට තේරුණා ඒ චිත්‍රපටි ගැන මගේ හිතේ එච්චර උද්යෝගයක් ආශාවක් තිබිලා නෑ කියලා.. හොඳටම හිතට දැනෙන, නිළියක් විදියට  යමක් කරන්න පුළුවන් චිත්‍රපටිවල විතරක් රඟ පාන්න මම තීරණය කර ගත්තෙ ඊට පස්සෙයි..” ඇය කියන්නීය. 
 
ඇය රඟ පෑ චිත්‍රපටි බොහෝ ගණනක තිබුණේ එකිනෙකට වෙනස් චරිතය. එම නිසාම ෆිල්ම් ෆෙයාර් සම්මාන කිහිපයක්, ජාතික සම්මානය ඇතුළු තවත් සම්මාන රැසකට හිමිකම් කියන්නට ඇයට හැකි වූයේය.  2014 දී ඇය ඉන්දියානු රජයෙන් පිරිනැමෙන පද්මශ්‍රී සම්මානයට ද හිමිකම් කීවාය.  
 
ලගේ රහෝ මුන්නා භායි, ගුරු, හේයි බේබි, බූල් බුලායා, ඕම් ශාන්ති ඕම්, ද ඩර්ටි පික්චර්, ඉෂ්කියා, කහානි, නෝවන් කිල්ඞ් ජෙසිකා බොබී ජාසුස්, අමෝලි, මිෂන් මංගල්, ශකුන්තලා දේවි ඇය රඟ පෑ චිත්‍රපටි අතරින් කිහිපයකි. ඇගේ අලුත්ම චිත්‍රපටිය මේ දිනවල ඔන්ලයින් ක්‍රමයට තිරගත වෙමින් තිබේ.