විද්‍යූත් ජම්මාල් හදිසියේම විවාහ වන්නට තිරණය කරයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

‘කොමන්ඩෝ’ චිත්‍රපට මාලාව හරහා අතිශය ජනප්‍රිය වූ විද්‍යුත් ජම්මාල් හදිසියේම විවාහ වීමට සූදානම් වන පුවතක් වාර්තා වෙයි. ඒ වසර දෙකක කාලයක් තිස්සේ ඔහුගේ පෙම්වතිය ලෙස කටයුතු කළ නන්දිතා මහතානි සමගය. නන්දිතා වෘත්තියෙන් ඇඳුම් නිර්මාණ කරන්නීයක් ලෙස කටයුතු කරන අතර, විද්‍යූත් හා නන්දිතාගේ ආදර කතාව මේ වසරේ මුලදි ප්‍රසිද්ධි කරනු ලැබිය.

‘කොවිඩ්’ වසංගත තත්ත්වය හේතුවෙන් දැනට විවේක සුවයෙන් ගත කරමින් සිටින විද්‍යුත් මෙන්ම නන්දිතාද ඔවුන්ගේ විවාහය මේ වසරේ සිදු කිරිමට මේ වනවිට සැළසුම් කරමින් සිටින බව සඳහන් වෙයි. විද්‍යුත් පවසන්නේ විවාහ ගිවිස ගැනීම මුලින් සිදුකරන්නට තමන් බලාපොරොත්තු වෙන බවයි.