වින් ඩිසල් සිය අලුත්ම චිත්‍රපටයේ නම ප්‍රසිද්ධ කරයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ලබන වසරේ මැයි 19 වැනිදා නිකුත් කිරිමට සූදානම් කර ඇති ‘ෆාස්ට් ඇන්ඩ් ෆියුරිස්’ චිත්‍රපට මාලාවේ දසවැනි චිත්‍රපටයේ නම මීට දින කිහිපයකට පෙර එම චිත්‍රපටයේ ප්‍රධාන නළුවාගේ භූමිකාව ඉදිරිපත් කරන වින් ඩිසල් විසින් ප්‍රසිද්ධ කර තිබුණි.

යුනිවර්සල් චිත්‍රපට සමාගමේ නිෂ්පාදනයක් වන මෙම චිත්‍රපටය වින් ඩිසල් විසින් නම් කර ඇත්තේ ‘ෆාස්ට් එක්ස්’ ලෙසය. මේ වනවිට මෙහි පළමු ප්‍රචාරක දැන්විමද ඔහු විසින් සිය ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුම හරහා ප්‍රසිද්ධ කර ඇත. කෙසේ වෙතත්, ලබන වසරේ නිකුත් කරන චිත්‍රපටයේ තවත් කොටසක් 2024 වසරේදී නිකුත් වීමට නියමිතව ඇත.