විරාත්ගේ ඉනිම ගැන කියන අනුෂ්කා ෂර්මා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ දිනවල ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ පාකිස්තානය හා ඉන්දියාව අතර පැවැති තරගයෙන් ඉන්දියාව අති විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගන්නට සමත් විය. මෙහිදි අගනා පිතිහරඹයක නිරත වූ හිටපු ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි මෙම තරගයේ ජයග්‍රහණයේ නියමුවා බවට පත් විය.

තරගයේ අවස්ථා කිහිපයකදී ගත් ඡායාරූප සිය සමාජ පිටු අතරේ බෙදාගත් කෝලිගේ බිරිඳ වූ සුපිරි බොලිවුඩ් සිනමා නිළි අනුෂ්කා ෂර්මා මෙසේ සුබ පැතුම්ද එකතු කොට තිබුණි. දිවාලිය සමරන ඉන්දීය ජනතාවගේ මුවට සිනහාවක් ගෙන දෙන්න ඔබට හැකිවීම පිළිබඳව ගොඩක් ස්තුතියි එමෙන්ම මේ ජයග්‍රහණය ඔබ ඉන්දියාවට ලබාදුන්න එක ගැන මට තවමත් හීනයක් වගේ යන්නද ඇය මෙසේ සිය සුබපැතුම් අතර සඳහන් කර තිබුණි.