විල් ස්මිත්ගේ ක්‍රියාව හාස්‍යයට ලක් කළ බෙන්ඩික්ව සමච්චලට ගත් නළුවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

බ්‍රිතාන්‍ය සිනමා තරුවක් වන බෙන්ඩික්ට් කම්බර්බැච් මීට දින කිහිපයකට පෙර එක්වූ ‘සැටර්ඩේ නයිට් ලයිව්’ වැඩසටහනේදී විල් ස්මිත් හා මෙවර ඔස්කා සම්මාන උළලේ නිවේදකයෙකු ලෙස කටයුතු කළ ක්‍රිස් රොක් අතර ඇතිවූ ගැටුම සම්බන්ධව කතිකා කොට ඇත.

 'ඩොක්ටර් ස්ට්‍රේන්ජ්' නළුවා මෙය සමච්චලයට ලක් කරමින් අදහස් දැක්වූ අතර. ඔහු පවසන්නේ එය එක්තරා ආකාරයේ සිනමා පටයක දර්ශන කිහිපයක් වූ බවය. කෙසේ වෙතත්, විල් ස්මිත් ක්‍රියා කළ ආකාරය අනුව ඔහුට මේ වන විට අත්විඳින්නට සිදුව ඇති දේවල් පිළිබඳව තමන් අතිශය කණගාටුවට පත්වෙන බවද ඔහු මෙහිදි පවසා තිබුණි.