වසර දහයකට පසුව චිත්‍රපට රංගනයට එන ඊවා මෙන්ඩිස්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දරුවන් සිවු දෙනෙකුගේ මවක් වන ජනප්‍රිය හොලිවුඩ් සිනමා නිළි ඊවා මෙන්ඩිස් වසර දහයකට පසුව නැවතත් සිනමා රංගනයට එකතු වි තිබෙන බව සඳහන් වෙයි. 2012 වසරේ චිත්‍රපට තුනක් සඳහා රංගනයෙන් දායක වූ ඊවා ඊට පසුව හොලිවුඩ් සිනමාව තුළ නිළියක් ලෙස දකින්නට නොලැබුණි.

48 වැනි වියෙහි පසුවන ඊවා දෙවරක් විවාහ වූ නිළියකි. මේ වනවිට ඇය විවාහ වි සිටින්නේ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වූ රයන් ගොස්ලින් සමගය. 2014 වසරේ ඔහු අධ්‍යක්ෂණය කළ ‘ලොස්ට් රිවර්’ චිත්‍රපටයේද ඊවා ආරාධිත රංගනයක නිරත වි තිබුණි. වාර්තාවන අන්දමට ඇය මේ වසරේ චිත්‍රපට කිහිපයකම රූපගත කිරිම් කටයුතුවල දායකව සිටින බවය.