ෂයිලින් වූඩ්ලිගේ විවාහය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

‘ද ඩිවර්ජන්ට්’ චිත්‍රපට මාලාව හරහා අතිශය ජනප්‍රිය වූ ෂයිලින් වුඩ්ලිගේ විවාහය තවත් මාස දෙකකින් සිදුවීමට නියමිතව ඇති බවට තෙරතුරු වාර්තා වෙයි. ඒ ඇමෙරිකානු පාපන්දු තරුවක් වන අරොන් රෝජර්ස් සමගය. ඔහු සමගින් ඇය පසුගිය වසරේ නෙවැම්බරයේදී විවාහ ගිවිස ගෙන තිබුණි.

කෙසේ වෙතත්, වාර්තාවන අන්දමට ෂයිලින් පවසන්නේ තමන්ගේ විවාහය ඉදිරි මාසවලදී පැවැත්වීමට කිසිදු හදිසියක් නොමැති බවත් ඇය භාරගත් චිත්‍රපට සියල්ලේ වැඩ නිම වූ විගස තම විවාහ මංගල්‍යය ගැන සිතන බවත්ය. ෂයිලින් වූඩ්ලි මේ වනවිට සිය 29 වැනි විය ගෙවා දමමින් සිටියි.