ෂාරුක්ගේ ‘ජවාන්’ අධ්‍යක්ෂණය කරන ඇට්ලේ තවත් සුපිරි තරුවක් අල්ලයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ දිනවල සිය අලුත්ම චිත්‍රපටයේ වැඩ කටයුතු නිමා කරමින් සිටින දකුණු ඉන්දීය සුපිරි අධ්‍යක්ෂක ඇට්ලේ කුමාර් ඉදිරියේදී බොලිවුඩ් සුපිරි නළු සල්මාන් ඛාන් යොදා චිත්‍රපටයක් නිර්මාණය කරන්නට සූදානම් වන බව වාර්තා වෙයි.

ෂාරුක් ඛාන් හා නයන්තාරා යොද නිර්මාණය කරන ‘ජවාන්’ චිත්‍රපටයේ රූපගත කිරිම් අතරතුර මුණ ගැසුණ සල්මාන් ඛාන් සමගින් ඇට්ලේ ඉදිරියේදී අධ්‍යක්ෂණය කරන චිත්‍රපටයක් ගැන සාකච්ඡා කර තිබේ. කෙසේ වෙතත්, ලැබෙන වාර්තාවලට අනුව ෂාරුක්ගේ චිත්‍රපටයෙන් පසුව ඇට්ලේ දමිල සිනමා නළු විජේගේ ‘තලපති 68’ චිත්‍රපටය නිර්මාණය කරන්නට සූදානමින් සිටියි. ඉන් පසුව බොහේ විට ඔහු සල්මාන් සමගින් වැඩ කරන්නට පටන් ගනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.