ෂාරුක්ගේ දූව සුහානා ඛාන්ගේ සාරි ඇඳිල්ල



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මීට දින කිහිපයකට පෙර ජනප්‍රිය ඇඳුම් නිර්මාණකරු මනිෂ් මල්හෝත්‍රාගේ නිවසේ පැවති දිවාලි උත්සවයට බොහෝ තරු පැමිණ සිටිනු දක්නට ලැබුණි. ඒ අතරින් කාගෙත් අවධානය දිනා ගැනීමට සමත් වූයේ සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ දියණිය සුහානා ඛාන්ය.

ඇය රත්තරන් පාටට හුරු සාරියක් ඇඳ පැළදගෙන සිටි අතර, ඉන් ඇයගේ සරාගි පෙනුම වැඩි කරද තිබුණි. එහි ඡායාරූප කිහිපයක් සුහානා මිලියන 2ක් සිටින තම ඉන්ටර්ග්‍රැම්ස් ගිණුම තුළ ප්‍රසිද්ධ කර තිබුණ අතර, ෂාරුක්ද ඊට ප්‍රතිචාර දක්වමින් පවසා තිබුණේ තම දියණිය වැඩෙන වේගය හිතාගැනීමට අමාරු බව පවසමිනි.