ෂාරුක්ගේ පතන් චිත්‍රපටය රටවල් සියයක ප්‍රදර්ශනය වෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දිගු කාලයක් තිස්සේ ප්‍රේක්ෂකයින් බලා සිටි ෂාරුක් ඛාන්ගේ නවතම චිත්‍රපටය වූ පතන් රටවල් සියයක ප්‍රදර්ශනය කරන්නට මේ වනවිට යශ්රාජ් චිත්‍රපට සමාගම පියවර ගෙන ඇත. ඉන්දීය සිනමා නිර්මාණයක් විදෙස් රටවල් සියයක එක්වර ප්‍රදර්ශනය කරන පළමු අවස්ථාව මෙය වෙයි.

දැනට මෙම චිත්‍රපටය ඉන්දියාවේ පමණක් හින්දි, දමිල හා තෙළෙඟු බසින් හඬකවා සිනමා ශාලා 3800ක ප්‍රදර්ශනය කරන්නට සූදානම් කර තිබේ. වාර්තාවන අන්දමට මෙම චිත්‍රපටය මේ වනවිට තමන්ට වියදම් වූ ඉන්දීය රුපියල් කෝටි 300ක ආදායම උපයාගෙන අවසන් බවය.