සිද්ධාන්තගේ ආදර කතාව ප්‍රසිද්ධ වෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය නවක බොලිවුඩ් සිනමා නළු සිද්ධාන්ත චතුර්වේදි මේ වනවිට අමිතාබ් බච්චන්ගේ මිනිබිරිය වූ නාව්‍යා නව්ලි නන්දා සමගින් ප්‍රේම සම්බන්ධයක් පවත්වන බවට තොරතුරු ලැබේ. කාලයක් තිස්සේ මෙය කට කතාවකට පමණක් සීමා වි තිබුණ නමුදු මීට දින කිහිපයකට පෙර කරන් ජෝහර්ගේ 50 වැනි උපන්දින දා ඔහුගේ නිවසේදි පැවති සාදයේදී සිද්ධාන්ත හා නාව්‍යා එකට සිටිනු දක්නට ලැබුණි.

ඒ අනුව ඔවුන්ගේ ප්‍රේම සම්බන්ධය මේ වනවිට ස්ථිර වි ඇති අතර, බච්චන් පවුලෙන්ද ඊට යහපත් ප්‍රතිචාර දක්වා තිබෙන බව සඳහන් වෙයි. එමෙන්ම ඔවුන් දෙදෙනා මීට සති කිහිපයකට පෙර විදෙස් රටක නිවාඩුවක් ගත කරද්දිද එකට මුණ ගැසි ඇති බවට රාවයක්දමේ වනවිට පළ වෙයි.