සොනක්ෂි සින්හා හොර රහසේ විවාහ ගිවිස ගනියි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පසුගිය වසරේ අජේ දේව්ගන්ගේ  ‘බිජූ’ චිත්‍රපටයේ රඟපෑ ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි සොනක්ෂි සින්හා හොර රහසේ සිය විවාහ ගිවිස ගැනීම සිදු කරගෙන තිබෙන බවට තොරතුරු වාර්තා වෙයි. ඒ ඇය මීට දින කිහිපයකට පෙර නිකුත් කළ ඡායාරූප කිහිපයක් හේතුවෙන් මේ බව තහවුරු වි ඇත.

සොනක්ෂි විවාහ ගිවිස ගත් බවට මෙම ඡායාරූප වලින් පෙන්නුම් කර ඇති අතර, ඇයගේ සැමියා යැයි සැක කරන පුද්ගලයෙකුද ඒ අසලම මුහුණ නොපෙන්වා බලා සිටින අයුරක මෙම ඡායාරූපවල දකින්නට ලැබේ. ඡායරූපවල ඇය විවාහ ගිවිසගත් අයුරක් දුටුවද තවමත් සොනක්ෂි මේ බව මාධ්‍යයට පවසා නොමැත.