සොනාක්ෂි සිංහා සිය ජිවිතේ හැංගුණු කතාව රසිකයින් එක්ක බෙදා ගත් හැටි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පසුගිය 02 වැනිදා සොනාක්ෂි සිංහා සිය 34 වැනි උපන්දිනය සැමරුවා. එදින ඇය සිය රසික රසිකාවන් සමඟ අතීත මතකයක් බෙදාහදා ගත්තා. ඒ වරෙක ඇය තමාට පාසලෙන් ඉවත්වීමට අවශ්‍ය බවට දැඩි ලෙස කළ ඉල්ලීමයි.

එයට හේතුව ආරක්ෂක භටයන් කියලා තමයි ඇය කියන්නේ. මේ සමඟ බොඩිගාඩ් හින්දි චිත්‍රපටයත් සිහිපත් වෙනවා කියලා ඇය කියනවා. මොකද සොනාක්ෂිගේ පියා වන ශතෘගන් සිංහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරීපත් වීම තමන්ගේ නිදහසට බාධාවක් වුනා කියලා තමයි කියන්නේ.

"අපේ පවුල වටා දැඩි ආරක්ෂාවක් යොදවා තිබ්බා . එතකොට මම ඉගෙන ගන්නේ 6 වැනි පන්තියේ...දැඩි ආරක්‍ෂාව සහිතව තුවක්කුකරුවන් අප සමඟ නිරන්තරයෙන් ගමන් කිරීමට පටන් ගත්තා. මම පාසැලට ගියත් තුවක්කු රැගත් ආරක්ෂක භටයන්ගෙන් පිරුණු ජීප් රථයක් මා පසුපස පැමිණියා. මෙම තත්ත්වය මහා කරදරයක් වුනා. මම තීරණයක් ගත්තා පාසල් ගමනට නැවතීමේ තිත තියන්න . මවට මම පැවසුවා තත්ත්වය යහපත් වන තෙක් මට පාසලෙන් ඉවත්වීමට අවශ්‍ය බව . එය මම ගත් ස්වාධීනත්වයේ පළමු තීරණයයි..' එහෙම තමයි ඇය ඇයගේ ජිවිතේ හැංගුණු කතාව ජනතාව එක්ක බෙදා ගත්තේ.