සොනක්ෂි හා ආක්ෂේ නැවතත් සිනමා තිරයේ පෙම්වතුන් වෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

‘රාවුඩ් රාතෝර්’ හා ‘මිෂන් මංගල්’ චිත්‍රපටවල දුටු සොනක්ෂි සින්හා හා ආක්ෂේ කුමාර් දෙදෙනා නැවතත් බොලිවුඩ් සිනමා තිරයේ දැක ගැනීමට ප්‍රේක්ෂකයින්ට අවස්ථාවක් ලැබී තිබේ. ඒ ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වු මුදසාර් අසිස්ගේ ‘2XL’ චිත්‍රපටයේය.

මෙහි ආක්ෂේ කුමාර් තරබාරු මිනිසෙකුගේ චරිතයක් නිරූපණය කරන අතර, සොනක්ෂි ඔහුගේ පෙම්වතිය ලෙස කටයුතු කරයි. මෙම චිත්‍රපටය පිළිබඳව දැනටද බොහෝ දෙනෙකු අනාවැකි පළ කරන අතර, ‘රාවුඩ් රාතෝර්’, ‘මිෂන් මංගල්’  චිත්‍රපට මෙන්ම මෙයද බ්ලොක්මාස්ටර් චිත්‍රපටයක් වනු ඇති බවට ඔවුන් ඉඟිපළ කර තිබේ.