සිනමා නළු අමිතාබ්ට පවුලේ අයගෙන්ම යෝජනාවක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

බොලිවුඩයේ වයස්ගතම නළුවා ලෙස වාර්තමානයේ සැළකෙන අමිතාබ් බච්චන් හෙවත් බිග් බී මීට දින කිහිපයකට පෙර සිය 79 වැනි උපන්දිනය සමරන්නට කටයුතු කළේය. මේ දින බොහෝ දෙනෙකු ඔහුට සුබපැතුම් එක්කොට තිබුණි.

කෙසේ වෙතත්, අමිතාබ්ගේ වැඩිමහල් දියණිය, බිරිඳ මෙන්ම මුණුපිරු, මිණිබිරියන් ඇතුළු බච්චන් පවුලට සමිප බොහෝ දෙනෙකු යෝජනා කර තිබුණේ අමිතාබ්ට දැන් සිනමාවට සමුදීමට කාලය බවය. පසුගිය කාලයේ විවිධ රෝගාබාධාවලට මුහුණ දුන් අමිතාබ් කිහිප වරක් රෝහල්ගතවද සිටි නිසාවෙන් රංගනයෙන් ඈත්ව විවේක සුවයෙන් ගත කිරිමට අමිතාබ් කටයුතු කළ යුතු බව පවුලේ අදහස වී ඇත.