සිනමා නළු රන්බිර්, බන්සාලිව මඟ හරින්න හේතුව මොකක්ද



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සංජය ලීලා බන්සාලි අධ්‍යක්ෂණය කළ ‘සාවරියා’ චිත්‍රපටය හරහා බොලිවුඩ් සිනමාවට පැමිණි රන්බිර් කපූර් මේ වනවිට බෙලිවුඩයේ සිටින දක්ෂ යොවුන් නළුවෙකි. මීට මාස කිහිපයකට පෙර බන්සාලි සිය අලුත්ම චිත්‍රපටය වූ ‘බවුජි බේචරා’ සඳහාද රන්බිර්ව යොදා ගන්නා බවට නිල වශයෙන් නිවේදනය කර තිබුණ නමුදු මේ වනවිට ඔහු ඉන් ඉවත්ව තිබෙන බව දැන ගැනීමට ලැබේ.

මෙම චිත්‍රපටයේ රන්බිර් සමගින් රංගනයෙන් එක්වීමට නියමිතව තිබුණේ දිපීකා පදුකෝනි හා ආලියා භාට් දෙදෙනා වන අතර, දිපිකාද මෙම චිත්‍රපටයට එකතු වීමට අකමැත්ත මීට පෙර පළ කර තිබුණි. කෙසේ වෙතත්, රන්බිර් පවසන්නේ ‘සාවරියා’ චිත්‍රපටයෙන් පසුව බන්සාලිගේ චිත්‍රපටයක් සඳහා එක්වීමට තමන් තුළ එතරම් කැමැත්තක් නොතිබුණ බවය.