සිනමා නිළි සින්ඩියාට තවත් අවස්ථාවක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

‘ස්පයිඩර් මැන්’ චිත්‍රපට මාලාව හරහා සිය ජනප්‍රියත්වය ඉහළ දමාගත් යොවුන් සුරූපි නිළි සින්ඩියා රංගනයෙන් දායක වන තවත් හොලිවුඩ් චිත්‍රපටයක් වූ ‘ඩුනේ’ මේ වසරේ ප්‍රදර්ශනය විය. මේ වනවිට සාර්ථක ආදායමක් උපයා ගැනීමට සමත්ව ඇති මෙම චිත්‍රපටයේ තවත් කොටසක් 2023 වසරේදී ප්‍රදර්ශනය කරන්නට සැළසුම් කර ඇතැයි වාර්තා වේ.

ලැබෙන තොරතුරුවලට අනුව මෙම දෙවැනි කොටසේ වැඩි දර්ශන ප්‍රමණයක සින්ඩියා රංගනයෙන් දායක වන බවය. පළමු කොටසේ ඇය අවසන් භාගයේ චිත්‍රපටයට එකතු වි ඇති අතර, දර්ශන කිහිපයක් සඳහා පමණක් ප්‍රේක්ෂකයින්ට ඇයව මෙම චිත්‍රපටයේද දැක ගත හැකි විය.