සුපිරි නළු Taylor Lautner හොර රහසේම විවාහ ගිවිසගෙන



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

‘Twilight’ චිත්‍රපට මාලාවේ ජාකොබ්ගේ චරිතය නිරූපණය කරමින් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් 29 හැවිරිදි Taylor Lautner පසුගියදා සිය පෙම්වතිය වන Tay Dome හට විවාහ යෝජනාවක් කර තිබුණා.

ඔහු ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි සිය පෙම්වතියගේ සහ තමන්ගේ ඡායාරූප දෙකක් පළ කරමින් ‘මගේ සියලු පැතුම් ඉටු වුණා’ යනුවෙන් සඳහන් කර තිබෙනවා. ඒ වගේම ඔහුගේ පෙම්වතියද ඇයගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි ඡායාරූපයක් පළ කරමින් ‘මගේ හොඳම මිතුර. ඔබ සමඟ සදාකාලිකව ජීවිතය ගත කිරීමට මම නොඉවසිල්ලෙන් ඉන්නවා .’ යනුවෙන් සඳහන් කර තිබෙනවා. 2018දී මුලින්ම ඔවුන්ගේ ප්‍රේම සම්බන්ධය ලොවට නිරාවරණය වූ අතර ඉන් පසුව ඔවුන් දෙදෙනා විවිධ අවස්ථාවල තම ඡායාරූප සමාජ මාධ්‍ය හරහා බෙදා ගත්තා. මේ දෙන්නා ළඟදීම විවාහ වෙනවා කියලත් ආරංචියි.