සුපිරි බොලිවුඩ් නළු අමිර් සිනමා රංගනයෙන් තාවකාලිව සමුගනියි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අවසන් වරට රඟපෑ සිය ‘ලාල් සිං චඩ්ඩා’ චිත්‍රපටය අසාර්ථක වීමත් සමග අමිර් ඛාන් සිය සිනමා රංගනයට තාවකාලිව සමු දෙන්නට තිරණය කර ඇත. වසරකට හෝ දෙවසරකට එක් චිත්‍රපටයක් සඳහා සිය රංගන දායකත්වය ලබා දෙන අමිර් මෙසේ සිනමාවෙන් තාවකාලිව සමු ගැනීමට අදහස් කිරිම බොහෝ දෙනෙකුගේ හාස්‍යයට ලක්ව තිබේ.

සිනමා මාධ්‍යයන් බොහෝමයක් වාර්තා කර සිටින්නේ අමිර් අවසන් වරට රංගනයෙන් දායක වූ ‘තග්ස් හින්දුස්තානි’ හා ‘ලාල් සිං චඩ්ඩා’ චිත්‍රපට දෙකම අසාර්ථක වීම හේතුවෙන් ඔහු මෙම සමුගැනීමේ තිරණයට එළැඹෙ ඇති බවය. කෙසේ වෙතත්, අමිර් පවසන්නේ තමන් සිය පවුලේ සාමාජිකයන් වෙනුවෙන් වැඩි කාලයක් වෙන් කිරිමේ අරමුණින් මෙම තිරණය ගත් බවකි.