සුපිරි මාවල් චිත්‍රපට තුනක් ලබන වසරේ පෝලීමේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් තිරගත කර ගැනීමට නොහැකි වූ මාවල් චිත්‍රපට රැසක් මේ වනවිට ප්‍රදර්ශනය කිරීමට සූදානම් කර තිබේ. නිමාව දකින මේ වසරේදීද මාවල් චිත්‍රපට කිහිපයක්ම ප්‍රදර්ශනය කළ අතර, ලබන වසරේදීද සුපිරි මාවල් චිත්‍රපට තුනක් නිකුත් කරන්නට මේ වනවිට එම සමාගම තිරණය කර තිබේ.

ලබන වසරේ මුලින්ම ප්‍රදර්ශනය වීමට නියමිතව ඇත්තේ Ant-Man and the Wasp: Quantumania චිත්‍රපටයයි. ඒ පෙබරවාරි 17 වැනිදාය. ඉන් පසුව Guardians of the Galaxy Vol. 3 චිත්‍රපටය මැයි 05 වැනිදා නිකුත් කිරිමට නියමිත අතර, ජුලී 28 වැනිදා The Marvels චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට නියමිතය.