සායි පල්ලවී කැමතිම චිත්‍රපට දෙක මොකක්ද



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය දකුණු ඉන්දීය සිනමා නිළි සායි පල්ලවී පසුගියදා එක්වූ සම්මුඛ සකාච්ඡාවකදී තමන් කැමතිම චිත්‍රපට දෙක පිළිබඳව තොරතුරු පවසා ඇත. ඇය පවසන්නේ තමන් නරඹන්නට වඩාත් කැමති චිත්‍රපට දෙක ‘පද්මාවත්’ හා ‘බජිරාඹ් මස්තානි’  චිත්‍රපට දෙක බවය.

එමෙන්ම ඇය වැඩිදුරටත් මේ සම්බන්ධව පවසා ඇත්තේ තමන් රංගනයෙන් දායක වීමට කැමති චරිත කිහිපයක්ම මෙම චිත්‍රපට දෙක තුළ ඇතුළත්ව තිබෙන බවය. එමෙන්ම මේ වසරේ ඇය රංගනයෙන් දායක වූ ‘ශ්‍යාම් සිං රෝයි’ චිත්‍රපටයේ කළ රෝසිගේ චරිතයද ඇය දැනට රඟපැ හොඳම චිත්‍රපට චරිතය බවද සායි පවසා තිබේ.