සූරූපි ක්‍රිති ෂෙට්ටි හොඳම නැගි එන නිළියට සම්මානය දිනයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

තෙළෙඟු, දමිල හා හින්දි චිත්‍රපට රැසකම වර්තමානයේ දකින සුරූපි සිනමා නිළි ක්‍රිති ෂෙට්ටි මෙවර හොඳම නවක නිළිය ලෙස දකුණු ඉන්දීය ෆිල්ම් ෆෙයාර් සම්මාන උළලේදී සම්මනයට පාත්‍ර විය. ඒ තෙළෙඟු චිත්‍රපටයක් වූ උප්පෙනා චිත්‍රපටයේ කළ රංගනය උදෙසාය.

ක්‍රිති තෙළෙඟු අංශයේ හොඳම නවක නිළිය වෙද්දි මලයාලම් අංශයේ හොඳම නවක නිළිය ලෙස තිංකලාසුචම් නිශ්චායම් චිත්‍රපටයේ සුජාගේ චරිතය නිරූපණය කළ අනගා නාරයන්ද,  කන්නඩ අංශයේ හොඳම නවක නිළිය ලෙස නින්නා සනිහැක් චිත්‍රපටයේ අම්රුතා  ලෙස රඟපෑ ධන්යා රාම්කුමාර්ද සම්මානයට පාත්‍ර වූවාය.