සල්මාන්, ෂාරුක් මිතුදම වර්ධනය වූ මොහොතක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

බොලිවුඩයේ රජුන් ලෙස අදටද සැළකෙන ෂාරුක් ඛාන්ගේ වැඩිමහල් පුත් ආර්යයන් ඛාන් මීට සති කිහිපයකට පෙර මත්ද්‍රව්‍ය චෝදනාවක් මත අත්අඩංගුවට ගත් පුවත දැන් ලෝකයට රහසක් නොවේ. එම අවස්ථාවේදී ෂාරුක්ට සහය දක්වමින් සිනමා නළුනිළීයන්, දේශපාලඥයින්, ක්‍රිකට් ක්‍රීඩකයින් මෙන්ම ප්‍රසිද්ධ පුද්ගලයන් බොහෝ දෙනෙකු ෂාරුක්ගේ සහයට පෙනි සිටිනු දක්නටද ලැබුණි.

කෙසේ වෙතත්, ෂාරුක් පවසා තිබුණේ තම පුත් අත්අඩංගුවට ගත් පුවත සැළවු සැණින් තම පිහිටට ආවේ හිත මිතු සල්මාන් ඛාන් බවය  වසර කිහිපයක් එකිනෙකාගේ මුණවත් නොබලමින් විරසකව සිටි සල්මාන් හා ෂාරුක් දෙදෙනා මේතරම් සමිප වීම ගැනද බොහෝ දෙනෙකුට පුදුමයක දනවන්නක් විය.