සුහානා ඛාන්ට 21 යි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ෂාරුක් ඛාන් සහ ගෞරි ඛාන් ගේ දියණිය සුහානා ඛාන් මැයි මස 22 දා සිය 21 වන උපන් දිනය සැමරුවේ නිව්යෝර්ක්හිදීය. අඟපසඟ කැපී පෙනෙන අලංකාර ගවුමකින් සැරසී කේක් එකක් සහ බැලූන් ද සමඟ ගන්නා ලද ඡායාරූප ඇය විසින් අන්තර්ජාලයට එක් කරනු ලැබ තිබිණි. සමාජ මාධ්‍යවල ප්‍රබල ක්‍රියාකාරිනියක වන ඇයට ලෝකයේ සතර දෙසින්ම උපන් දින සුබ පැතුම් ලැබිණි. 
තරු දරුවන් අතර වඩාත්ම අවධානයට ලක් වී සිටින සුහානාට රසිකයන් දහස් ගණනක් සිටින්නේය. ඇගේ පියා බොලිවුඩයේ රජ වුවත් රඟ පෑමට එක් වීමේ අදහසක් තවමත් ඇය තුළ නැත. නර්තනය, ක්‍රිඩා, සංචාරය, පොත් කියැවීම, ලිවීම ඇගේ විනෝදාංශ අතර තිබේ.
ඇය වඩාත් ප්‍රිය කරන්නේ පාපන්දු ක්‍රිඩාවය. පාසැල් කණ්ඩායමට ක්‍රීඩා කළ ඇය කිහිප වරක්ම සිය කණ්ඩායම ජයග්‍රහණය කරවන්නට සුවිශේෂ දායකත්වයක් ලබා දුන්නාය. දා හතරෙන් පහළ පාපන්දු කණ්ඩායමේ නායකත්වය ඉසිලුවේ ද සුහානාය.   
සුහානා ලේඛනයට ද දක්ෂකම් දක්වන්නීය. ඇය කතා යනුවෙන් හැඳින්වෙන සමස්ත ඉන්දියා කෙටිකතා රචනා තරඟයෙන් ජයග්‍රහණය කර සම්මානයක් ද දිනා ගත්තාය. 
ඇය උපාධිය ලබා ගත්තේ ලන්ඩනයේ ආර්ඩින්ලි විද්‍යාලයෙනි. මේ වන විට ඇය නිව්යෝර්ක් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන්නීය.



More In Hot Story