සුහානාගේ පළමු චිත්‍රපටය The Archies



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017 වසරේ සිට විකාශනය ඇරැඹුණු, Netflix හරහා ද නැරැඹීමට හැකි 'රිවර්ඩේල්' CW ටෙලි කතාමාලාවට ඔබ ඇලුම් කරන්නේ නම් ආචී, බෙටී, වෙරොනිකා, ජග්හෙඩ් ආදී නව යොවුන් චරිත ඔබට අමුත්තන් නොවෙයි.  

'රිවර්ඩේල්' සඳහා පාදක වන මෙම චරිත කරළියට පැමිණියේ 'ආචී කොමික්ස්' චිත්‍රකතා පොත් පෙළ හරහා ය. Archie චිත්‍රකතා එළිදැක්වූයේ අද ඊයේ නොව; 1942 වසරේ සිටය. Archie චිත්‍රකතා ජනප්‍රිය වෙද්දී ඒ ඇසුරින් කාටූන් ද නිර්මාණය විය.

The Archies යනු ආචී, බෙටී, වෙරොනිකා සහ ජග්හෙඩ් එක්වුණු සංගීත කණ්ඩායම හැඳින්වෙන නාමයයි. The Archies සංගීත කණ්ඩායම ඇසුරින් වෙනම චිත්‍රකතා සහ කාටූන් කතා නිර්මාණය වී ඇත. The Archies ද ලොව පුරා ලොකු කුඩා කා අතරේ ද ජනප්‍රියය.

ඒ ජනප්‍රියත්වය නිසාම බොලිවුඩ් අධ්‍යක්ෂවරියක වන සොයා අක්තර් Zoya Akhtar නිර්මාණය කළ The Archies යනුවෙන් සිනමා පටයක් නිර්මාණය කර තිබේ. The Archies ගැන බොහෝ දෙනාගේ අවධානය යොමු වී ඇති අතර ඉන්දීය මාධ්‍ය මේ ගැන වැඩියෙන් කතා කරන බවක් දැකිය හැකිය.

The Archies ගැන කතාබහක් ඇතිවීමට හේතු කීපයකි. එයින් පළමු හේතුව, සුහානා ඛාන්ය. ෂාරුක් ඛාන්ගේ එකම දියණිය වන සුහානා ඛාන් ය. The Archies චිත්‍රපටයට සුහානා ඛාන් එක් වී සිටින්නේ වෙරොනිකා ලෙසය. මෙය සුහානාගේ පළමු චිත්‍රපටයයි. ඇය පළමු රංගනයයි. The Archies නිර්මාණය වී ඇත්තේ Netflix India හරහාය.

සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ සහ ගෘහ අලංකරණ ශිල්පිනී ගෞරි ඛාන්ගේ දියණිය සුහානා ඛාන් The Archies චිත්‍රපටයට එක් වී සිටින්නේ රංගනයට ඇය බෙහෙවින් ඇලුම් කරන බැවිනි. The Archies චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය ප්‍රසිද්ධියට පත් වීමත් සමඟ ෂාරුක් තම දියණිය ගැන ආඩම්බරයෙන් කතා කිරීමට අමතක නොකළේය. ඔහු ඇයට මුළු හදවතින්ම සුබ පැතුවේය. එම සුබ පැතීම ඉතා හැඟීම්බර වී ඇත.

අගස්ත්‍යා යනු ප්‍රකට කතුවරයකු වන ශ්වේතා බච්චන් නන්දගේ සහ ප්‍රකට ව්‍යාපාරික නිඛිල් නන්දගේ පුත්‍රයාය. අගස්ත්‍යා බොලිවුඩයේ ප්‍රවීණයන් වන අමිතාබ් බච්චන් සහ ජයා බච්චන්ගේ මුණුබුරෙකු ද වෙයි.

කුෂි කපූර් යනු අභාවප්‍රාප්ත සුපිරි නිළි ශ්‍රීදේවිගේ සහ චිත්‍රපට නිෂ්පාදක බොනී කපූර්ගේ බාල දියණියයි. කුෂි කපූර් වැඩිමල් සොයුරිය වන්නේ බොලිවුඩයට අවතීර්ණ වී සිටින ජාන්වි කපූර් ය. තම නැගණියගේ බොලිවුඩ් ආගමනය සම්බන්ධයෙන් ජාන්වි කපූර් ද සමාජ මාධ්‍ය හරහා ඇයට සුබ පැතුම් එක් කර තිබේ.

සොයා අක්තර් Zoya Akhtar බොලිවුයේ පමණක් නොව, ලොව පුරා සිනමාලෝලීන්ගේ ආදරයට පාත්‍ර වුණු ඉන්දීය සිනමා අධ්‍යක්ෂවරියකි. පසුගිය කාලයේ ඇය අධ්‍යක්ෂණය කළ චිත්‍රපට බොහෝ සෙයින් කතාබහට ලක්විය. විචාරකයන්ගේ පැසැසුමට ලක්වුණු අතර සිනමා සම්මාන උළෙලවලදී ඇගැයීමට ද පාත්‍ර විය. 2019 වසරේ Gully Boy, 2018 වසරේ Lust Stories, 2015 වසරේ Dil Dhadakne Do සහ 2011 වසරේ Zindagi Na Milegi Dobara එවැනි චිත්‍රපට කීපයකි.

(එන්.ඩී.ටීවී. ඇසුරිනි)