හිතූ තරම් සාර්ථක නැති ඩ්වේන්ගේ බ්ලැක් ඇඩම් චිත්‍රපටය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ලොව වඩාත්ම කතාබහට ලක්වූ හොලිවුඩ් නළුවා ලෙස වර්තමානයේ ප්‍රසිද්ධව සිටින සුපිරි මල්ලවපොර ශූර ඩ්වේන් ජොන්සන් රංගන සුපිරි චිත්‍රපටයක් මේ දිනවල ලොවපුරා ප්‍රදර්ශනය වෙමින් පවති. ඒ වෝනර්ස් බ්‍රදර්ස් චිත්‍රපට සමාගමේ බෙදාහැරිමක් වූ බ්ලැක් ඇඩම් චිත්‍රපටයයි.

පසුගිය ඔක්තෝම්බර් 21 වැනිදා ප්‍රදර්ශනය වූ මෙම චිත්‍රපටය මේ දක්වා උපයා ගැනීමට සමත්ව ඇත්තේ ඇමෙරිකානු ඩොලර් මිලියන 252කි. එය යාන්තම් චිත්‍රපටයේ නිෂ්පාදන පිරිවැය සපුරා ගැනීමක් බව සිනමා විචාරකයින් පෙන්වා දෙයි. එමෙන්ම ඩ්වේන්ද මෙම චිත්‍රපටයේ නිෂ්පාදන අංශයේ කොටස්කරුවෙකු වී තිබිම විශේෂත්වයකි.