ළඟදී මව්පියන් වීමට සිටින රන්බිර් හා ආලියාගේ වාසනාවද මේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රන්බිර් කපූර් හා ආලියා භාට් රංගනයෙන් දායක වෙන අලුත්ම චිත්‍රපටය වූ ‘බ්‍රහ්මාස්ත්‍රා’ මේ වසරේ චිත්‍රපටයක් විසින් උපයාගත් ඉහළම ආදායමට හිමිකම් කීමට සමත්ව ඇත. සැප්තැම්බර් 09 වැනිදා බොලිවුඩයට සමගාමිව ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කළ මෙම චිත්‍රපටය මේ වනවිට උපයාගෙන ඇති ආදායම ඉන්දීය රුපියල් කෝටි 370කි.

එය ඇමෙරිකානු ඩොලර් වලින් නම් මිලියන 46ක් වෙයි. මීට පෙර මේ වසරේ ඉහළම අදායමක් උපයාගෙන තිබුණේ ‘කාශ්මිර් ෆයිල්ස්’ නම් චිත්‍රපටයි. එය ඉන්දීය රුපියල් කෝටි 340ක් උපයාගෙන තිබුණි. සිනමා විචාරකයින් පවසන්නේ මෙම චිත්‍රපටය රන්බිර් හා ආලියාගේ වාසනාවට අති සාර්ථක වූ බවය.