ෆිෆ්ටි ශේඩ්ස් චිත්‍රපට මාලාවේ ප්‍රධාන නිළියගේ අමුතු විලාසිතා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

Fifty shades චිත්‍රපට මාලාවේ ප්‍රධාන නිළිය වූ ඩකොර්ටා ජොන්සන් පසුගියදා වැනිසීයේ පැවති Vanice Film Festival වෙත සහභාගි වී තිබුණා. ඒ ඇය රංගනයෙන් දායක වූ Elena Ferrant විසින් රචනා කරන ලද The lost daughter කෘතිය ඇසුරින් Maggie Gyllenhaal අධ්‍යක්‍ෂණය කරන ලද The Lost Daughter සිනමාපටයෙහි මංගල දර්ශනය සඳහායි.

මෙම චිත්‍රපටයේ ඩකොර්ටා සමඟ ඔලීවියා කොල්මන්, ජෙසී බක්ලේ, පීටර් සාර්ස්ගාර්ඩ් ආදී පිරිසක් රංගනයෙන් දායකවේ. පසුගියදා වැනීසියේදී තිරගත වූ මෙම චිත්‍රපටය සැප්තැම්බර් 17 වැනිදා එක්සත් ජනපදයේදී තිරගතවීමට නියමිතයි. ඩකොර්ටා මෙම උත්සවය සඳහා අපූරු ගවුම් විලාසිතාවකින් හැඩවී සිටියාය. ඇගේ ඒ ගවුම් විලාසිතාව නිසාම අෑ සියල්ලන්ගේම නෙත් සිත් සොරාගන්නට සමත් වූ බවයි ආරංචි මාර්ග පවසන්නේ.