අමයා අධිකාරිගේ උපන්දිනයට සැමියා හර්ෂ ධනොෂ් දීපු වටිනා තෑග්ග



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අමායා අධිකාරී මෙයාව නොදන්නා කෙනෙක් ලංකාවේ නැති තරම්. ඇයව ඒ තරමටම හැමෝම වගේ දන්නා කියන ජනප්‍රිය චරිතයක්. ඇය කරලියට එන්නේ සල්සපුනා ටෙලි නාට්‍ය හරහා එතැන් පසුව හම්මෝම වගේ ඇය ගැන කතාකරන්න පටන් ගත්තා. අමායා දක්ෂ නිරුපිකාවක් ලෙසින් හදුන්වන්නත් පුළුවන්. ඇය විලාසිතාවලට දැඩි රුචිකත්වයක් දක්වන තරුණියක්. ඒ වගේම ඇය ඉතාමත් සුන්දර තරුණියක්. රූපය වගේම හිතත් ලස්සන තරුණියක්.

 

ඇය පළමු වරට විවාහ වෙන්නේ ජනප්‍රිය ගායක අතුල අධිකාරි සමග එය මුළු ලංකාවම වගේ දන්නවා. ඔවුන්ගේ ආදර ඒ කාලයේ සාමාජ මධ්‍යයේ අඩුවක් නැතිව කතාබහට ලක්වුනා. ඒ අමායා අතුලට වඩා වයසින් ගොඩක් ලාබාල තරුණියක් වුන නිසා. ඒ කොහොම වුනත් ආදරේට වයස ආදාළ නැහැ කියන දේත් එක්ක ඔවුන් සතුටින් කාලයක්ම එකට ජිවත්වුනා. ඒ වගේම ආදරණිය දියණියක්ද අතුලගෙන් ඇයට සිටිනවා.

අපසුව ඇය හර්ෂ සමග ආදරයෙන් ජිවත් වෙනවා. ඔහුගෙන් ඇයට තවත් දරුවෙකු ලැබෙනවා ඉන් පසුව ඇය හර්ෂ සමග විවාහ වෙනවා. දැන් අමායා දරු තිදෙනේකුග්ම අම්මා කෙනෙක්. හර්ෂ එක්ක සතුටින් ජිවිතේ ගෙවනවා. ඒ වගේම අතුල එක්කත් සුහදව සිටිනවා. අතුල තවමත් සිටින්නේද ඇයගේ නිවසේ මේ පවුලේ ආදරණිය බැදීමක් තියෙන්නේ. ලෝකයා මොනවා ක්වුවත් ඇත්තටම ජිවිතේ විදින අය තමයි ඔවුන්. අමායා අතුලගේ සහ සමිතාගේ දියණිය කවිගේ හොදම මිතුරියක් මේ පවුල් වල හැමෝම අදටත් එකාමෙන් සුහදව සතුටින් ජිවත් වෙන්නේ මුළු සමයටම ආදර්ශයක් සපයමින්.

අමයාගේ උපන්දිනය පසුගිය දිනකදී දී තිබුනා. එහිදී හර්ෂ ඇය වෙන්නුවෙන් සුබ පැතුමක් එක්කර තිබුනේ මෙලෙසින් HAPPY BIRTHDAY මැණිකේ ආදරෙයි. යනුවෙන්. හර්ෂ කියන්නේ ජනප්‍රිය තලයේ ඉන්න ගායකයෙක් ඔහු හර්ෂ ධනොෂ්. ඩ්‍රීම් ස්ටාර් හරහා බිහිවුන තරුවක්. අමායා උපන්දිනයදා අලුත්ම වාහනයක් ඉදරිපිට සිටිනා චයාරුපයක් සමගින් අපුරු සටහනක් සමාජ මාධ්‍යට එක්කර තිබුනා, ඒ හර්ෂ ආදරණිය සැමියාට සහ තෑගි වලට ස්තුති කරමින්.සැමියා මට දෙවියන්ගෙන් ලැබුණු ලොකුම ආශිර්වාදයකි.ඔහුගේ ආදරය මා දිනපතා විවර කරන ත්‍යාගයකි. ස්තුතියි තෑගි වලට.ආදරය සහ මගේ සහයෝගය ඔබටයි.අපිත් ආදරණිය රංගන ශිල්පිනිය අමයට සුබ උපන්දිනක් වේවායි ප්‍රර්ථනා කරනවා.