ඇමරිකාවේ පැවති පළමු ceylon international film festival හි වැඩිම සම්මාන The newspaper වෙත



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති පළමු ceylon international film festival සිනමා සම්මාන උළෙල පසුගිය දා අති උත්කර්ෂවත් අයුරින් නිමා වුණා. මෙහි අවසන් වටය සඳහා වෘත්තාන්ත චිත්‍රපට හතක් තේරී පත්ව තිබුණු අතර ඉන් චිත්‍රපට හතරක් සම්මාන දිනාගෙන තිබුණා. සම්මාන දිනූ සියළුම චිත්‍රපට ලාංකේය නිර්මාණ වීම විශේෂත්වයක්. ඒ අතරින් කුමාර තිරිමාදුර සහ සරත් කොතලාවල අධ්‍යක්ෂණය කළ The newspaper චිත්‍රපටය හොඳම අධ්‍යක්ෂණය, හොඳම නළුවා, හොඳම චිත්‍රපටය ඇතුළු උළෙලේ වැඩි සම්මාන ප්‍රමාණයක් දිනාගැනීමට සමත් වුණා.

ceylon international film festival සම්මාන බෙදී ගොස් තිබුණේ මෙලෙසින්..

වෘත්තාන්ත චිත්‍රපට අංශය -

  1. හොඳම චිත්‍රපටය : ද නිවුස්පේපර් (බන්දුල ගුණවර්ධන නිෂ්පාදනයක්/ ශ්‍රී ලංකාව)
  2. දෙවන හොඳම චිත්‍රපටය : සුනාමි (රේණුකා බාලසූරිය නිෂ්පාදනයක්/ ශ්‍රී ලංකාව)
  3. හොඳම අධ්‍යක්ෂණය : සරත් කොතලාවල, කුමාර තිරිමාදුර (ද නිවුස්පේපර්- ශ්‍රී ලංකාව)
  4. හොඳම තිර රචනය : ජයන්ත චන්ද්‍රසිරි (ඝරසරප- ශ්‍රී ලංකාව)
  5. හොඳම නළුවා : සරත් කොතලාවල (ද නිවුස්පේපර්- ශ්‍රී ලංකාව)
  6. හොඳම නිළිය : නිරංජනී ශම්මුගරාජා (සුනාමි- ශ්‍රී ලංකාව)
  7. හොඳම සහාය නළුවා : කුමාර තිරිමාදුර (ද නිවුස්පේපර්- ශ්‍රී ලංකාව)
  8. හොඳම සහාය නිළිය : හිමාලි සයුරංගි (සුනාමි- ශ්‍රී ලංකාව)
  9. හොඳම නැගී එන නළුවා හෝ නිළිය : මදාරා ජයසේන (ද ලෙටර්- ශ්‍රී ලංකාව)
  10. හොඳම කැමරා ශිල්පියා : ප්‍රභාත් රොෂාන් (ඝරසරප - ශ්‍රී ලංකාව)
  11. හොඳම සංස්කරණ ශිල්පියා : අජිත් රාමනායක (සුනාමි - ශ්‍රී ලංකාව)
  12. හොඳම සංගීතය: ගයාත්‍රී කේමදාස (ද නිවුස්පේපර් - ශ්‍රී ලංකාව)

කෙටි චිත්‍රපට සහ වාර්තා චිත්‍රපට අංශය

  1. හොඳම කෙටි චිත්‍රපටය (Best Short Film): Alone (මාධව තිරිමාන්න- ශ්‍රී ලංකාව)
  2. හොඳම සජීවීකරණ චිත්‍රපටය (Best Animation): ITCHO: The Deep of the Earth (මෙක්සිකෝව)
  3. හොඳම වාර්තා චිත්‍රපටය (Best Documentary): Antartica (බල්ගේරියාව)

විශේෂ සම්මාන අංශය

  1. විශේෂ ඇගයීම සම්මානය (Special Recognition - Women In Film) රේණුකා බාලසූරිය