චලෝ දැන් ස්වර්ණවාහිනියේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයකු ලෙස නමක් දිනාගත් සමීර හසුන්ගේ නවතම ටෙලිසිතුවම 'චලෝ' 13 වැනිදා සිට ස්වර්ණවාහිනී නාළිකාව ඔස්සේ විකාශය ඇරඹිණ. කාන්තා පාපන්දු කණ්ඩායමක් පිළිබඳ කියැවෙන කතා පුවතක් අන්තර්ගත මෙහි ප්‍රධාන චරිතය ශලනි තාරකා විසින් නිරූපණය කරයි.

ධනුෂ්ක ඩයස්, ආනන්ද කුමාරඋන්නැහේ, ජයනි සේනානායක, සංජීව උපේන්ද්‍ර, නයනා හෙට්ටිආරච්චි, මාලි ජයවීරගේ, ප්‍රවීණා පෙරේරා චලෝ හි සෙසු ප්‍රධාන චරිත රඟති. ගයනි අසින්සලා පියදිගම චලෝ තිරරචනය කර ඇත. නිරෝෂි හොරණගේ රේඛීය නිෂ්පාදනයෙන් දායක විය. නිෂ්පාදන සම්බන්ධීකරණය රන්ජන් ප්‍රසන්නගෙනි. මෙරිල් සුසන්ත සහාය අධ්‍යක්ෂවරයාය. සුමිත් කුමාරගේ කැමරා අධ්‍යක්ෂණයෙන් එක් විය. චන්දන ලියනගේගේ සංස්කරණයකි. අභිෂේක් වීරසිංහ සංගීත අධ්‍යක්ෂණයෙන්ද, සාලිය ලියනආරච්චි විශේෂ දෘශ්‍ය ප්‍රයෝග නිර්මාණයෙන්ද, ගිහාන් බාලආරච්චි කලා අධ්‍යක්ෂණයෙන්ද, මදාරා ගොඩගේ අංග රචනයෙන් දායකත්වය දක්වා තිබේ. සමීර මීට ප්‍රථම ටෙලි නාට්‍ය ගණනාවක් නිර්මාණය කොට ඇත. මීදුම් අම්මා, යාල්දේවි, පැරිසියට යන පාර ඉන් කිහිපයකි.