ජනප්‍රිය නිළි මහේෂි මධුෂංකාගේ පුංචි පවුලේ ඡායාරූප එකතුවක් සමාජ මාධ්‍යට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අපේ රටේ ඉන්න දක්ෂ හා සුරූපී වගේම බොහෝ ප්‍රේක්ෂක පිරිසකගේ නොමද ආදරය දිනාගත් ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි මහේෂි මධුෂංකා කියලා කියන්නේ. මහේෂී ජීවිතය ලස්සනයි තුළින් සිනමා තාරකාවියක් වීමෙන් පසු ඇය නවතින්නෙ පුංචි තිරයේ. මේ වෙද්දි මහේෂි පුංචි තිරයේ අහිංසකාවිය වී හමාරයි. කොහොම නමුත් පුංචි තිරය නිසා මහේෂිට සිනමාව මගහැරෙනවා. මොකද ඇය ටෙලිනාට්ය වලට එක දිගට ලැබුණ ආරාධනා බාරගැනීම නිසා සිනමාව ගැන හිතුවෙ නැහැ. ඇය බාරගත් ටෙලි සිතුවම් නිසා කාල කළමණාකරණය කරගත නොහැකිව ඇයට සිනමාවට ලැබෙන ආරධනා ප්‍රතික්ෂේප කරනවා.

ඒ වගේම මහේෂි මධුෂංකා මිස් ශ්‍රී ලංකා තරගාවලිය ජයග්‍රහණ කරමින් කිරුළ දිනා ගැනීමටත් සමත් වෙනවා. ඇය කියන විදියට ඇය දැන් අංගසම්පූර්ණයි. මොකද මහේෂි රංඟන ශිල්පිනියකට ලැබෙන්න ඕනෙ නිසි ගෞරවය ලබනවා වගේම ඇය දැන් විවාහක බිරියක් හා දරුවන් දෙදෙනෙකුගේ ආදරණීය මවක්. ඒ වගේම මහේෂී නිතරම පවුලේ අයත් සමඟ ෆේස්බුක් ලයිව් වලටත් එකතු වෙනවා. ඇගේ ලයිව් වලට කොමෙන්ට් කරපු හැම කෙනෙකුට ස්තූති කරමින් ඇය ෆේස්බුක් සටහනක් ද තබා තිබුණා. ඒ වගේම ඇය තම පවුලේ ඡායාරූප ෆේස්බුක් හරහා ශෙයා කළේ මෙලෙසින්.