දෙසැම්බර් සතිඅන්තයේ ලයනල් වෙන්ඩ්ට් හි නාට්‍ය රැසක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

එළඹෙන දෙසැම්බර් සති අන්තයන් තුළ කොළඹ ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවේ නාට්‍ය රැසක් වේදිකා ගතවීමට නියමිතයි.

ඒ අනුව දෙසැම්බර් 03 වැනිදා ජයලත් මනෝරත්නගේ ‘තලමල පිපිලා’, දෙසැම්බර් 04 වැනිදා චමිල ප්‍රියංකගේ ‘සඟ වෙද ගුරු ගොවි කම්කරු’, දෙසැම්බර් 05 වැනිදා ආර්. ආර්. සමරකෝන්ගේ ‘කැළණි පාලම’ යන වේදිකා නාට්‍ය වේදිකාගත වේ. එමෙන්ම දෙසැම්බර් 10 වැනිදා සෝමලතා සුබසිංහගේ ‘පුංචි අපට දැන් තේරෙයි’, දෙසැම්බර් 11 වැනිදා දයානන්ද ගුණවර්ධනගේ ‘මධුර ජවනිකා’, දෙසැම්බර් 12 වැනිදා චමිල ප්‍රියංකගේ ‘මෙය තුවක්කුවක් නොවේ’ යන වේදිකා නාට්‍යයන් වේදිකා ගත වේ. කොවිඩ් මාර්ගෝපදේශ යටතේ මෙම වේදිකා නාට්‍ය වේදිකාගත කරන බැවින් සීමිත ප්‍රවේශපත් ප්‍රමාණයක් පමණක් නිකුත් කරනු ලැබේ.