ප්‍රසන්න විතානගේ වසර 5කට පසු යළිත් සිනමාවට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ප්‍රසන්න විතානගේ, මෙරට සිටින විශිෂ්ටතම අධ්‍යක්ෂකවරුන් කිහිප දෙනාගෙන් අයෙකු ලෙසට බොහෝ රසිකයින් විසින් සලකන්නේ නිතැතින්මයි. 1991 වසරේ සිට පුරා දශක තුනකට අධික කාලයක් සිනමා නිර්මාණකරණයේ යෙදෙන ඔහු, අධ්‍යක්ෂකවරයෙක්ට අමතරව තිර පිටපත් රචකයෙකු සහ නිෂ්පාදකවරයෙකු ලෙසත් ලාංකීය සිනමා ක්ෂේත්‍රයට සම්බන්ධ වී සිටිනවා.

පුරහඳ කළුවර, ඉර මැදියම, ආකාස කුසුම්, අනන්ත රාත්‍රිය, ඔබ නැතුව ඔබ එක්ක වැනි නිර්මාණ ගණනාවක් හරහා ප්‍රේක්ෂකයින්ට සමීප වූ ප්‍රසන්න විතානගේ අවසාන වතාවට අධ්‍යක්ෂණය කළේ 2018 වසරේ නිකුත් වූ “තුන්දෙනෙක්” සිනමාපටයයි. අශෝක හඳගම සහ විමුක්ති ජයසුන්දරගේ සම අධ්‍යක්ෂණය යටතේ නිර්මාණය කළ එයින් වසර පහකට අධික කාලයක් ගතවී තිබුනද, ඔහු අධ්‍යක්ෂණය කළ නව සිනමාපටයක් මේ දක්වාම ප්‍රේක්ෂකයින්ට නරඹන්නට අවස්ථාව උදා වුනේ නැහැ.

කෙසේ වුවත් එම දිගු විරාමය අවසන් කරමින් ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ නවතම සිනමාපටය, “ගාඩි” පසුගිය (20) සිට දිවයින පුරා සිනමාහල් වලදී තිරගත වීම අරඹනවා.

සජිත අනුත්තර සමඟින් ඩිනාරා පුංචිහේවා ප්‍රධාන චරිත රඟන ගාඩි (Children of the Sun) සිනමාපටයට පාදක වී තිබෙන්නේ මෙරට අවසාන – ස්වාධීන රාජධානිය වූ මහනුවර යුගයේ අග භාගයේදී සිදු වූවා යැයි සැලකෙන සිද්ධි මාලාවකුයි.