යොහානි තව තවත් යූටියුබ් වාර්ථා තියයි - ට්‍රෙන්ඩින්වල තවදුරටත් ඉදිරියෙන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ලංකාවේ සංගීතය ජාත්‍යන්තරයට ගෙනගිය යොහානි තවමත් සිටින්නේ ඉන්දියාවේයි. පසුගිය දා ඇය ඉන්දියාවේ ප්‍රසංග කිහිපයකට සහභාගීවීම සඳහා දිවයිනෙන් පිටත්වුණු අතර එහිදී ඇයට හිමිවුණු ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉතා ඉහළයි. එමෙන්ම ඇය ඉන්දියාවේ ජනප්‍රිය රූපවාහිනී වැඩසටහන්, රේඩියෝ වැඩසටහන් කිහිපයකටම සහභාගී වුණා. මේ කාලය අතරතුර යොහානි ඇගේ නවතම ගීතයත් එළිදැක්වූවා. ඒ ඉතින් ආදරේ ගීතයයි. ඉතින් ආදරේ ගීතයේ පද රචනය දිලන්ජන් සෙනෙවිරත්න විසින් සිදු කර තිබෙන අතර WAYANAKA at Music Oven එහි සංගීත නිර්මාණ සිදු කර තිබෙනවා. මීට පෙර ඇය ටී සීරිස් රෙකෝඩ් ලේබලය යටතේ එළිදැක්වූ Shiddat චිත්‍රපටයේ ගීතයටද තවමත් ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.

ලංකාවේ යූ ටියුබ් ට්‍රෙන්ඩින් අතරේ මියුසික් ඛාණ්ඩයේ දෙවන සහ තෙවන ස්ථාන හිමිව තිබෙන්නේ යොහානිගේ මේ ගීත දෙකටයි.