වින්ඩි ගුණතිලකගේ ’’අයියෝ සාමිනී’’ ඉන්දියාවේ ජනප්‍රිය වෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අයියෝ සාමිනී යෙනක වේනා... මේ දිනවල හැමදෙනාගේම සවන් අග රැව්පිළි රැව් දෙන ගීතයක් මේ. ප්‍රවීන ගායන ශිල්පී රූකාන්ත ගුණතිලකගේ සහ ගායන ශිල්පිනී චන්ද්‍රලේඛා ගුනතිලකගේ බාල දියණිය වෙන වින්ඩි ගුණතිලක ගයන මේ ගීතය දමිල ගීතයක් වුවද කිසිදු භේදයකින් තොරව සියල්ලෝම ආදරෙන් වැළඳගෙන හමාරයි.

මේ වනවිට එය මිලියන 4කට අධික පිරිසක් නරඹා හමාරයි.

වින්ඩිගේ පෙම්වතා වන ජනප්‍රිය ගායන ශිල්පී සනුක වික්‍රමසිංහ මෙහි සංගීතය නිර්මානය කරලා තියෙන්නේ. පොතුවිල් අස්මින් එහි පද රචනය කරලා තියෙන්නේ.

මේ ගීතය මෙරට පමණක් නෙමෙයි ඉන්දියාවේද ජනප්‍රිය වී ඇති බව යූටියුබ්හී මෙම ගීතයට ලැබෙන ප්‍රතිචාරවලින් පෙනෙනවා.

තමිල්නාඩුවේ ජීවත්වෙන ඉන්දියානු ජාතිකයෙකු මේ ගීතයට මෙවැනි ප්‍රතිචාරයක් පල කරලා තියෙනවා.

"මම ජීවත් වෙන්නේ දකුණු ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ. තමිල්නාඩු අවන්හල් සාමාන්‍යයෙන් මෙම ගීතය වාදනය කරන අතර මම වීදිවල යන විට මට තැන් කිහිපයකින් ගීතය අඛණ්ඩව ඇසේ. ඉන්දියානුවන් ශ්‍රී ලංකාවේ සංගීතයට මෙතරම් ආදරය කරන්නේ මන්දැයි මම නොදනිමි. මම දැනගෙන හිටියේ නැහැ මේක ලංකාවේ ගෑනු කෙනෙක් ගායනා කරනවා කියලා. මම යූ ටියුබ් එකේ සර්ච් කරලා බලනකොට එකපාරටම පුදුම වුණා! ඔබ සැමට ආදරෙයි. ශ්‍රී ලාංකීය සංගීතය සීමා මායිම් ඉක්මවා ගොස් සියල්ලන් සමීප කරයි."