විහඟ ප්‍රේමය ටෝකියෝ සිනමා සම්මාන උලෙළේ තරගකාරී අංශයට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සම්මානිත සිනමා අධ්‍යක්ෂ සංජීව පුෂ්පකුමාර ගේ නවතම සිනමා නිර්මාණය වන විහඟ ප්‍රේමය (Peacock Lament) 35 වැනි ටෝකියෝ අන්තර්ජාතික සිනමා සම්මාන උලෙළේ තරගකාරී අංශයට තේරී පත්වී තිබේ. සිනමා උලෙළ එළබෙන ඔක්තෝම්බර් 22 දා සිට නොවැම්බර් 02 දින දක්වා ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත්වේ.

ටෝකියෝ අන්තර්ජාතික සිනමා සම්මාන උලෙළට තේරීපත්වීම ගැන චිත්‍රපට අධ්‍යක්ෂ සංජීව පුෂ්පකුමාර සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුමෙහි තැබූ සටහන පහතින්,

“විහඟ ප්‍රේමය හෙවත් Peacock Lament සිනමාපටය 35 වන ටෝකියෝ අන්තර්ජාතික සිනමා උළෙලේ තරඟකාරි අංශයට (International Competition) තේරි තිබේ. සිනමා උළෙල එළබෙන ඔක්තතෝම්බර් 22 දා සිට නොවැම්බර් 02 දින දක්වා ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත්වේ. මෙම සතුටුදායක මොහොතේ මගේ නළු නිළි පිරිස, නිෂ්පාදක කණ්ඩායම සහ කාර්මික ශිල්පීන්ට හදබැතියෙන් ප්‍රණාමය පුදකරමි. සබීතා පෙරේරා, අකලංක ප්‍රභාෂ්වර, ඩිනාරා පුංචි හේවා, මහේන්ද්‍ර පෙරේරා, ප්‍රකට ඉතාලි ජාතික රංගන ශිල්පී ලෝරන්ස්සෝ අක්කුවිවා (Lorenzo Acquaviva), අමිත්ත වීරසිංහ, යශෝධා රසඳුනි, ඩිස්නි රාජපක්ෂ, ප්‍රින්සි ප්‍රනාන්දු, මිලින්ද මඩුගල්ල ඇතුළු සියළුම නළු නිළියන් මෙන්න්ම “විහඟ ප්‍රේමය” චිත්‍රපටයේ කැමරාකරණය කළ සිසිකිරණ පරණවිතාන, සංස්කරණය කළ ඉතාලි ජාතික ගුසෙපේ ලියොනති සහ අජිත් රාමණයක, සංගීතය නිර්මාණය කළ ඉතාලි ජාතික ක්‍රිස්ටියන් කාර්රාරා , කලා අධ්‍යක්ෂණය කළ මංජුල අයගම මෙන්ම ඇඳුම් නිර්මාණය කළ මගේ දිගු කාලීන නිර්මාණ මිතුරෙකු වන අජන්ත අලහකෝන්, ශබ්ද සංකලන‌ය කළ ඉතාලි ජාතික එරික් නාර්දීන් සහ ශබ්ද පටිගත කීරීමෙන් සහ සංස්කරණයෙන් ලාල් දිසානායන සහ නන්දා නන්දි ජයකොඩි දැක්වු විශිෂ්ට දායකත්වය විහඟ ප්‍රේමයේ  ජයග්‍රහණයයි.

විහඟ ප්‍රේමය චිත්‍රපටය ඉතාලිය සහ ශ්‍රී ලංකාව අතර සිදුකෙරුණු ප්‍රථම නිල චිත්‍රපට නිෂ්පාදනයයි. ශ්‍රී ලංකාව වෙනුවෙන් සංජීව පුෂ්පකුමාර සහ අමිල් අබේසුන්දර නිෂ්පාදකයින් ලෙස කටයුතු කරන අතර ඉතාලිය වෙනුවෙන් ෆිල්ග්‍රිම්ස් නිෂ්පාදන සමාගම වෙනුවෙන් ආන්ද්‍රෙයා මැග්නානි (Andrea Magnani) සහ කියාරා බාබෝ (Chiara Barbo) කටයුතු කරයි. සම නිෂ්පාදනයෙන් සුරංග හඳපාන්ගොඩ, යුගන්ති යශෝදරා සහ සංගීතා නිල්නදී ගොඩගම කටයුතු කරයි.  විශේෂයෙන් මගේ මිත්‍ර සුරංග හඳපාන්ගොඩ මෙම සිනමා නිර්මාණයේ මහත් බරක් දැරු අතර ඔහු නොමැති වුවේ නම් ඇතැම් විට මෙතරම් ඉක්මනින් මෙම සිනමා නිර්මාණය බිහි නොවන්නටද ඉඩ තිබුණි.

"විහඟ ප්‍රේමය" හෙවත් Peacock Lament මෙරට සිදුවන බිළිඳු දරුවන් විදේශිකයින් අලෙවි කිරීමේ ජාවාරම පසුබිම් කරගනිමින් නිර්මාණය වු චිත්‍රපටයකි.  

අවසන් වශයෙන්  FEG සහ Fine Vision ආයතන නියෝජනය කළ කාර්මික ශිල්පී සහෝදරවරුන්ගේ විශිෂ්ට කැපවීමට ස්තුතිවන්ත වෙමි.''